Saturday, August 13, 2011

මගේ ආදරය


මොනවා ලියන්නද කියලා මට හිතා ගන්න බෑ
ඒ තරමටම හදවතේ ආදරය පිරිලා
ඔයාව මතක් වෙන හැම මොහොතක් පාසා
මගේ සිත කීරි ගැහිලා යනවා, කවදා ඔය අත ලැබෙයිද කියලා

ඉර හද තරු ගැන අපි පද ගෙතුවට
අපි ඉන්න ලෝකෙට ඒවා ගොඩාක් දුරයි
ඒත් අපි දෙන්නා ඉන්නේ ගොඩාක් ලගින්
ඔයා ගොඩාක් දුරයි කියලා ඇයි කියන්න හදන්නේ


ටජ් මහල්
තනන්න මට බැරි උනාට
මගෙ පුංචි ගෙදර ඔයාට ටජ් මහලක් කරන්න මට පුලුවන්

රන් රිදී මුතු මැණික් මට දෙන්න නැති උනාට
ඔයාගේ ජීවිතේ මුතු මැණික් වලින් සරසන්න මට පුලුවන්

දිව්‍යලෝකෙ සැප දෙන්න මට බැරි උනාට
ලෙඩ කදි, දුක කදි ලගින්ම ඉන්න මට පුලුවන්

මට ඔයාට දෙන්න මහ මෙරක් නැති උනාට
මහ මෙරකටත් වඩා ආදරය දෙන්න මට පුලුවන්


No comments:

Post a Comment