Wednesday, November 17, 2010

රෝස මල - Roses




අපිට ජීවිතේ ලස්සන මල් හමු වෙනවා. ඒ මල් කොච්චර ජීවිතෙට ලගද කියල කියනවා නම් අපි ඉපදුනු මොහොතේ පටන් අන්තිමෙට මෙ ලෝකෙන් යන මොහොතෙත් අපිව වටකරගෙන තියෙන්නෙ මල්. මල් වලින් රෝස මල කියන්නෙ අපෙ ජීවිතේට ගොඩක්ම සමීප මල කියලයි මං හිතන්නෙ. ඒ මන්දයත් අපේ ජීවිතය පවතින්නෙ, සර්තකත්වය රැදිල තියෙන්නෙ ආදරය කියන ජීව ධාතුව මත. රෝස මල කියන්නේ ආදරයේ සංකෙතය කියල සිතන
නිසාත්, රෝස මල මගෙ ජීවිතේට ගොඩක් ලග නිසාත් රෝස මල ගැන දන්න කරුනු ටිකක් කියන්න හිතුවා.

පුංචි කලේ අපි හරියට මල් වගේ. ඒ කාලේ අපි හරි බොලදයි. අපි කමති නෑ කගෙන්වත් හිංසවක් ලබන්න. රෝස පොහොට්ටු වලින් කියන්නෙ ලස්සන, තාරුණ්‍ය, කෙලිලොල් බව හා හදවතේ අවංකභාවයයි. ඒ වගේම සුදු රෝස පොහොට්ටු වලින් වලින් කියැවෙන්නේ අපගේ ආදරයට තිබෙන ලා බාල කමයි.

වැලැන්ටයින් දවසට අපි රතු රෝස මලක් පෙම්වතියට හෝ පෙම්වතාට දෙනවා. එහෙම එක රෝස මලකින් තමන්ගේ අවංකභාවය, චාම් බව සංකේතවත් කරනවා රතු පාටින් 'මං ඔයාට ගොඩාක් ආදරේ මං ඔයාට ගොඩක් ගෞරව කරනවා' යන හැගීම පෙන්වනවා. ඒ වගේම රතු රෝස පොහොට්ටු වලින්, නිර්මල බව පෙන්වනවා වගේම දියවුනු රෝස පොහොට්ටු වලින් ආදරයේ සිදු වූ වැරදි පිලිගැනීම හගවයි.

ඒ වගේම සුදු රෝස මල් වලින් අවංකත්වය, නිහතමානී බව, පාරිශුද්ධත්වය, වදගත් බව, රහස් බව, ඉස්මතු කරන අතරම එයට රතු රොස මල් එකතු වූ විට සමගිය සමාදානය ඉස්මතු වෙයි.

රෝස පාට රෝසමල් කරුණාව, වංශත්වය වැනි දේ හගවයි. ඒ වගේම තද රෝස පාට රෝස මල් වලින් රස විදීම හගවන අතර, ලා රෝස පාට රෝස මල් වලින් අගය කිරීම හා කනගාටුව ප්‍රකාශ කරයි.

තැඹිලි පැහැති රෝස මල් වලින් කියවෙන්නේ උද්යෝගය අපේක්ශාව වැනි කරුණු වන අතර, තේ පැහැති රෝස මල් වලින් ' මට ඔයාව මතක් වෙනවා හැම මොහොතකම' යන අරුත දෙයි.
ඒ වගේම රෝස මල් දෙකක් පමණකින් අලුත් ජීවිතයක ආරම්භයක් වගේම, ලං වෙන විවාහයක් ගැන හගවයි. පිපුනු රෝස මල් වලට පොහොට්ටු දෙකක් එකතු වීමෙන් රහස්‍ය බවත්, මලනිකවූ සුදු රෝස වලින් අස්තීර වූ ලස්සන, 'ඔයා ගැන හැගීම් උත්පාදනය නොවන බව' හගවයි.

රෝස කොල වලින් හැගවෙන්නේ බලාපොරොත්තුවයි.

විකසිත රෝස මල් වලින් කියන්නේ මං ඔයාට ආදරෙයි කියලයි

අපි හමෝමත් මේ මොනම හෝ රෝස මලකට අයිති ඇති. ඒක ගැන හිතල බලලා comment එකක් දාලම යන්න මේ දේ ලිව්වේ මගෙ රොස මල ඒ තරමටම මට වටින නිසයි.