Monday, April 19, 2010

සත්‍ය ආදරයක ඉරණම


මතකයන් අමතක කෙරුවත්, අමතක වෙන්නේ නෑ.....
ඔබ එපා යැයි මට සිතුනත්, එපා වෙන්නේ නෑ.....
යලි ඒවි යැයි සිත කීවත්, ඔබ යලි එන්නේ නෑ......
සිත පුරා ආදරේ කරන්නට, මට දැන් කවුරුත් නෑ.....

අඩ අඩා මම කල් ගෙව්වත් , ඔබ ලැබෙන්නේ නෑ...
නොලැබෙනා බව මම කිව්වත්, සිත පිලිගන්නෙත් නෑ...
මම නොමැති ලොව කවදාවත්, ඔබ තනි වෙන්නේ නෑ...
ඔබ නොමැති ලොව කවදාවත් මට, සිතේ සතුටක් නෑ...

සිහිවෙනා හැම මොහොතකදී, නො සිතා ඉන්නත් බෑ...
හුදකලාවේ ඉන්නට සිතුවත්, එහෙම ඉන්නත් බෑ...
සිත සිතා ඔබ ගැන හැමදාමත්, මට අඩන්නත් බෑ...
ඔබ නැති පාලුව මට දැනුනත්, වෙනස් වෙන්නත් බෑ...