Saturday, March 27, 2010

හදවතක සිතුවිලි - 2



මට පෙනෙනවා ඔයාගේ ඒ ලස්සන ඇස් දෙක
මට දැනෙනවා ඔයාගේ ඒ මෘදු මොලොක් බව
මට ඇහෙනවා ඔයාගෙ ඒ ලස්සන කටහඩ
මට සිතෙනවා මගෙ හැමදේම ඔයා බව

I love u so much my sweety (S)........

Saturday, March 20, 2010

හදවතක සිතුවිලි - 1

උදේ මම නැගිටිනකොට
ලස්සන කවුදෝ ලස්සන සින්දුවක් කියනවා
මම ඇදේ ඉදන්ම අහගෙන හිටියා
හිතට පුදුම නිදහසක්......

මටත් හිතුනා කවුද කියල බලන්න
ඔන්න, මම ජනේලේ අරිනකොටම ලස්සන කොවුලෙක්
මට හිතුනා මට නෑසෙන ඒ ගීතය
කොවුලා කොහොමද දන්නෙ කියලා

එහා පැත්තෙ රෝස ගහේ ලස්සන රතු රොස මලක් පිපිලා
ඒ මල මාව ගොඩක් ඈතකට ගෙන ගියා
අපි ඉස්සර මුහුදු වෙරලේ නැලවි නැලවි හිටියේ
අද මේ රෝස මල් සුළගේ ලෙලෙනවා වගේමයි.
ඒ රෝස මලේ සුවද මගේ හදවත කිලිපොලා ගියා
හරියටම එදා ඔයා මගේ ලග ඉන්නකොට දැණුනු සුවය වගේමයි.

මතකද දවසක් ඔයයි මමයි කවුලු පියන්පත් වහන්න සින්දුව කිව්වා
මට හිතුනා මගෙ කටහඩ නවත්තලා
ඔයාගේ ඒ ලස්සන තාලෙට දෙසවන දෙන්න.
ඔයා දන්නෙ නැති උනාට ඒ සින්දුව තාම මගේ රැව් පිලිරැව් දෙනවා

මේ ලස්සන උදේ ඔයා මං ලග හිටියා නම්........

ආදරය පරිත්‍යාගයක් - 2


ආදරය පරිත්‍යාගයක් කතා මාලාවේ 2 කොටස දිග ඇරෙන්නේ අසාධාරණ නඩු තීන්ඩුවක් ලෙසයි. කියවලා බලන්න. අලුත් විදියකට හිතන්න පුලුවන්ද කියලා. මෙතැන click කරන්න.

Wednesday, March 17, 2010

ආදරය කියන්නෙ පරිත්‍යාගයක්


අපිට ඇසෙන අපි කියන දෙයක් තමයි, "ආදරය කියන්නෙ පරිත්‍යාගයක්" කියන එක. එහෙම කියනකොට අපි ආදරේ කරන අය ඒක යොදාගෙන තමන්ගෙ වගකීම් වලින් පැනලා යනවා. ඔහොම කරනකොට ආදරය නම් වූ පිවිතුරු මේ ලෝකේ පවතින මූලිකම සිද්ධාන්තය බොරුවක්ද කියා සිතෙන අවස්ථාද එමටය. මිනිසුන් මේ තරම් පිරිහිලා ද කියලත් හිතෙනවා. එහෙම මිනිස්සු මේ ලෝකෙට ඇත්තටම බරක්. මොකද ඒ වලින් දුක් විදින්නෙ ඇත්තටම ආදරේ කරන අයයි.

මේ කතාව ලියන්නෙ මගෙ ජීවිතේ ලබපු, ඉගෙන ගත්තු දේවල් වලින්. මේකේ ඉතුරු ටික කියවන්න ආසයි නම් මේක ඔබන්න...... ආදරය කියන්නෙ පරිත්‍යාගයක්

Tuesday, March 9, 2010

අලුත් තාලෙ පිස්සු වැඩක්

ඔන්න මමත් ආවා ආදරේ ගැන කතා කරන්න. අපි කතා කරමු. මට වඩා හොදට ඒක ගැන ඔයලත් දන්නවා අතිනේ.

එක අතකට ඒක ගැන කතා කරන එකත් පිස්සුවක්. මොනා උනත් ජොලි වැඩක්. අපි අලුත් වැඩකට සෙට් වෙමු.