Friday, August 19, 2011


මගේ බ්ලොග් එක
නවත්තන්න එපා
කියලා ඔන්න මගේ

පොඩි නෑනන්ඩිගෙන් ඉල්ලීමක් ආවා.
පොඩි කිව්වට පොඩිමත් නෑ ඉතින්.
ආයෙත් ඔන්න ලියනවා මම.

හිතට දැනෙන නිදහස ගැන මං නොකිව්වට
අනිත් හැමදේම වගේ ඔයා මට ලගයි කියලා
දැනෙන නිසයි කියලයි මට හිතෙන්නේ.

මේ බ්ලොග් එකේ නමත් අසීමිතයි ආදරේ නේ.
ඇත්තටම ආදරේ නම් අසීමිතයි තමයි.

එකනේ මං ඔයාට ඔච්චරටම ආදරේ....


අහසට සොදුරුද සද කෙතරම්....
එතරම් මිහිරියි ඔබ මට නම්.....

Monday, August 15, 2011

නිමාව


අප හමුවූවත් නොවුනත් කාලය ගත වී යනවා...
අප තනි වූවත් නොවුනත් ලොව එක සේ පවතිනවා....

මැණිකක් රකිනා නාරජෙදෙකුසේ ඔබව බලාගන්න සිතා සිටියත් දැන් සියල්ල නිමා කරමින් ඔබට සමුදෙන්න හොරාවයි මේ....

දහසක් සිතුවිලි බොද කරමින් ගෙවෙන්නාවූ මේ අන්තිම හොරාවේ ලියවෙන බොහෝ දේ හුදෙක් එක වචනයක්ම පමණක් මෙන් කෙනෙක්ට දැනුනත් එහි වේදනාව දැනෙන්නේ විදවන කෙනම පමණි.
ගිනි පුපුරු නගමින් පුපුරන ගිනි කන්දක ලාවා වලටවත් ඔය සිත උනු කරන්න බැරි වනුයේ එතරම්ම ඔය හිත ගලක් නිසාදැයි කියාමට සිතේ.

කෙසේ උවද මිනිසෙකුගේ ඉවසීම පුපුරායන වෙලාවක් පැමිනේ,
කෙසේ හෝ සිත දැඩි කරගනිමින් මගේ අවසන් පරිච්චේදයත් මේ අයුරින් නිමා වන්නේ
මා සතු අවසන් ආදර බිදුවත් නුබටම පුද කරමිනි.
මා කිසිවෙකු සමග තරහා නැත. මන්දයත් ඔවුන්ට එක් මනුස්සයෙක් පමනක් වන නිසාවෙනි, මම යමි.

අවසන් වතාවට "නුබේ සිනා මුව මඩලට මං ආසයි"

Sunday, August 14, 2011


ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ
තවමත් මගෙ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා මගෙ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ......


මොනවා ලියන්නද? මං ඔයගෙ පින්තූරෙකුත් සෑහෙන වෙලාවක් බලන් හිටියා ම්හ්... කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ මට...

ඒකත් කියන්න වෙන්නෙ සිංදු කැල්ලකින් තමයි


ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා

ප්‍රේමය හැදින්නෙමි.....


ඉතුරු ටිකත් සරලවම කිව්වොත්


කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා

Saturday, August 13, 2011

මගේ ආදරය


මොනවා ලියන්නද කියලා මට හිතා ගන්න බෑ
ඒ තරමටම හදවතේ ආදරය පිරිලා
ඔයාව මතක් වෙන හැම මොහොතක් පාසා
මගේ සිත කීරි ගැහිලා යනවා, කවදා ඔය අත ලැබෙයිද කියලා

ඉර හද තරු ගැන අපි පද ගෙතුවට
අපි ඉන්න ලෝකෙට ඒවා ගොඩාක් දුරයි
ඒත් අපි දෙන්නා ඉන්නේ ගොඩාක් ලගින්
ඔයා ගොඩාක් දුරයි කියලා ඇයි කියන්න හදන්නේ


ටජ් මහල්
තනන්න මට බැරි උනාට
මගෙ පුංචි ගෙදර ඔයාට ටජ් මහලක් කරන්න මට පුලුවන්

රන් රිදී මුතු මැණික් මට දෙන්න නැති උනාට
ඔයාගේ ජීවිතේ මුතු මැණික් වලින් සරසන්න මට පුලුවන්

දිව්‍යලෝකෙ සැප දෙන්න මට බැරි උනාට
ලෙඩ කදි, දුක කදි ලගින්ම ඉන්න මට පුලුවන්

මට ඔයාට දෙන්න මහ මෙරක් නැති උනාට
මහ මෙරකටත් වඩා ආදරය දෙන්න මට පුලුවන්


Friday, August 12, 2011

හද කිලිපොලන ආදරය

මම මහන්සියට වගේ පොඩ්ඩක් එලි පහලියට ආවා දැන්.
එනකොටම දැක්කේ ඈත අහසේ පෙනෙන හද.
ඕක හැමදාම දකින හද උනත් අද
මගෙ ඇගට හරීම අමුත්තක් දැනුන.
මම එහෙම්ම ලග තිබුනු පුටුවේ වාඩි උනා.
මට දැනුනෙ හද මේ තරම් ලස්සන උනත් අපිට එකට ලගා වෙන්න බෑ.
මට දැනුනෙ හදට වත් දෙවෙනි වෙන්නේ නැති
ඔයත් හද වගේමයි. හැමදාම කොහොමහරි, හොරෙන්හරි මං බලන, දකින ඔයගේ ලස්සන,ආදරය හැමදාම විදිනවා මං. ඔයාව මට ගොඩාක් ඕනේ,
ඒත් මට ඔයාට ලං වෙන්න බෑ.
මට දැනුනේ මං ගොඩාක් තනි වෙලා වගේ..
ඔයා වගේ ලස්සන මැණිකක් මගේ ලගින් තියාගන්න,
මට කවදා ලැබේවිද??? ඔයා දැනෙනවද මැණික

මං ඔයාට කොච්චර ආදරේද කියලා......

Wednesday, November 17, 2010

රෝස මල - Roses




අපිට ජීවිතේ ලස්සන මල් හමු වෙනවා. ඒ මල් කොච්චර ජීවිතෙට ලගද කියල කියනවා නම් අපි ඉපදුනු මොහොතේ පටන් අන්තිමෙට මෙ ලෝකෙන් යන මොහොතෙත් අපිව වටකරගෙන තියෙන්නෙ මල්. මල් වලින් රෝස මල කියන්නෙ අපෙ ජීවිතේට ගොඩක්ම සමීප මල කියලයි මං හිතන්නෙ. ඒ මන්දයත් අපේ ජීවිතය පවතින්නෙ, සර්තකත්වය රැදිල තියෙන්නෙ ආදරය කියන ජීව ධාතුව මත. රෝස මල කියන්නේ ආදරයේ සංකෙතය කියල සිතන
නිසාත්, රෝස මල මගෙ ජීවිතේට ගොඩක් ලග නිසාත් රෝස මල ගැන දන්න කරුනු ටිකක් කියන්න හිතුවා.

පුංචි කලේ අපි හරියට මල් වගේ. ඒ කාලේ අපි හරි බොලදයි. අපි කමති නෑ කගෙන්වත් හිංසවක් ලබන්න. රෝස පොහොට්ටු වලින් කියන්නෙ ලස්සන, තාරුණ්‍ය, කෙලිලොල් බව හා හදවතේ අවංකභාවයයි. ඒ වගේම සුදු රෝස පොහොට්ටු වලින් වලින් කියැවෙන්නේ අපගේ ආදරයට තිබෙන ලා බාල කමයි.

වැලැන්ටයින් දවසට අපි රතු රෝස මලක් පෙම්වතියට හෝ පෙම්වතාට දෙනවා. එහෙම එක රෝස මලකින් තමන්ගේ අවංකභාවය, චාම් බව සංකේතවත් කරනවා රතු පාටින් 'මං ඔයාට ගොඩාක් ආදරේ මං ඔයාට ගොඩක් ගෞරව කරනවා' යන හැගීම පෙන්වනවා. ඒ වගේම රතු රෝස පොහොට්ටු වලින්, නිර්මල බව පෙන්වනවා වගේම දියවුනු රෝස පොහොට්ටු වලින් ආදරයේ සිදු වූ වැරදි පිලිගැනීම හගවයි.

ඒ වගේම සුදු රෝස මල් වලින් අවංකත්වය, නිහතමානී බව, පාරිශුද්ධත්වය, වදගත් බව, රහස් බව, ඉස්මතු කරන අතරම එයට රතු රොස මල් එකතු වූ විට සමගිය සමාදානය ඉස්මතු වෙයි.

රෝස පාට රෝසමල් කරුණාව, වංශත්වය වැනි දේ හගවයි. ඒ වගේම තද රෝස පාට රෝස මල් වලින් රස විදීම හගවන අතර, ලා රෝස පාට රෝස මල් වලින් අගය කිරීම හා කනගාටුව ප්‍රකාශ කරයි.

තැඹිලි පැහැති රෝස මල් වලින් කියවෙන්නේ උද්යෝගය අපේක්ශාව වැනි කරුණු වන අතර, තේ පැහැති රෝස මල් වලින් ' මට ඔයාව මතක් වෙනවා හැම මොහොතකම' යන අරුත දෙයි.
ඒ වගේම රෝස මල් දෙකක් පමණකින් අලුත් ජීවිතයක ආරම්භයක් වගේම, ලං වෙන විවාහයක් ගැන හගවයි. පිපුනු රෝස මල් වලට පොහොට්ටු දෙකක් එකතු වීමෙන් රහස්‍ය බවත්, මලනිකවූ සුදු රෝස වලින් අස්තීර වූ ලස්සන, 'ඔයා ගැන හැගීම් උත්පාදනය නොවන බව' හගවයි.

රෝස කොල වලින් හැගවෙන්නේ බලාපොරොත්තුවයි.

විකසිත රෝස මල් වලින් කියන්නේ මං ඔයාට ආදරෙයි කියලයි

අපි හමෝමත් මේ මොනම හෝ රෝස මලකට අයිති ඇති. ඒක ගැන හිතල බලලා comment එකක් දාලම යන්න මේ දේ ලිව්වේ මගෙ රොස මල ඒ තරමටම මට වටින නිසයි.

Monday, April 19, 2010

සත්‍ය ආදරයක ඉරණම


මතකයන් අමතක කෙරුවත්, අමතක වෙන්නේ නෑ.....
ඔබ එපා යැයි මට සිතුනත්, එපා වෙන්නේ නෑ.....
යලි ඒවි යැයි සිත කීවත්, ඔබ යලි එන්නේ නෑ......
සිත පුරා ආදරේ කරන්නට, මට දැන් කවුරුත් නෑ.....

අඩ අඩා මම කල් ගෙව්වත් , ඔබ ලැබෙන්නේ නෑ...
නොලැබෙනා බව මම කිව්වත්, සිත පිලිගන්නෙත් නෑ...
මම නොමැති ලොව කවදාවත්, ඔබ තනි වෙන්නේ නෑ...
ඔබ නොමැති ලොව කවදාවත් මට, සිතේ සතුටක් නෑ...

සිහිවෙනා හැම මොහොතකදී, නො සිතා ඉන්නත් බෑ...
හුදකලාවේ ඉන්නට සිතුවත්, එහෙම ඉන්නත් බෑ...
සිත සිතා ඔබ ගැන හැමදාමත්, මට අඩන්නත් බෑ...
ඔබ නැති පාලුව මට දැනුනත්, වෙනස් වෙන්නත් බෑ...